බස් රථ දෙකක් එකිනෙක ගැටී පුද්ගලයෙක් මරුට..අද සිදු වූ බිහිසුණු අනතුර මෙන්න..(PHOTOS)
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් අද(2) පෙරවරුවේ ගැටී පුද්ගලයෙකු මියගොස් සිව් දෙනකු තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ, අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයරාජ් ජර්මල් රාජ් නැමැති 46 හැවිරිදි දෙදරු පියෙකු බවයි, පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පැවසුවේ.
පෞද්ගලික බස් රථය කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් කොට ඇති අතර ලංගම බස් රථය පානදුර බස් නැවතුම්පොළට හැරවීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.
බස් රථ දෙක ගැටීමෙන් ලංගම බස් රථයේ සිටි මගියෙක් මියගොස් ඇති අතර,බස් රථ දෙකෙහිම මගීන් සිව් දෙනකු තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මීට අදාල ඡායාරූපයන් පහතින්,





