පණ පිටින් වළදැමූ කුඩා බිළිදා ගැන හෙළිවූ අමුතුම දේ..පෙම්වතාත් කොටු වෙයි.
Police
Sri Lanka
Jaffna
Bury a baby
By Aruna
යාපනය, මඩ්ඩුවිල් ප්‍රදේශයේ තරුණියක විසින් බිහිකළ අවස්ථාවේදීම බිළිඳියක වළ දැමීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අතරතුර එම තරුණියගේ පෙම්වතා බවට සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.
ඔහු යාපනය අච්චුවේලි දකුණ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පැවසෙන්නේ.
18 හැවිරිදි තරුණිය ඇයගේ පෙම් සබඳතාවක් හේතුවෙන් දරුවකු ප්‍රසූත කිරීමට ආසන්නව සිට ඇති අතර පසුගිය 23 වැනිදා අලුයම 04.00ට පමණ බිළිඳිය බිහිකොට පණපිටින්ම පොහොර උරයක දමා ගෙවත්තේ පිහිටි වළකට දමා වසා තිබුණා.
පසුව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනියක් විසින් ඒ බව දැනගත් විගසම පොලිසියට දැනුම් දී බිළිඳිය චාවකච්චේරි රෝහලට ඇතුළත් කළා.
බිළිඳියව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණිය කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |