භූමදානය : අගමැති කිව්වාට බෑ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ කමිටුවේ එකඟතාවය අවශ්‍යයි – සුදර්ශනී

Burial
By Thaya Feb 11, 2021 07:40 PM GMT
Report

කොවිඩ් ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළද, ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවෙන් අනුමැතිය ලැබෙනතුරු ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කළ නොහැකි බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ප්‍රශ්නය – අපේ අගමැතිතුමා භූමදානය අවසර ලබාදෙනවා කියලා ඊයෙ කිව්වා, මේ විෂයබාර ඇමතිතුමියගෙන් මං අහන්න කැමතියි කවදාද මේ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන්නෙ කියලා. පිළිතුර – මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ තීන්දු තීරණ ගන්නෙ අපි පුද්ගලිකව නෙවෙයි, තාක්ෂණික කමිටුවක් හරහා. ඒ නිසා තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කරලා ඒ තාක්ෂණික කමිටුවේ එකඟතාවය මත තමයි අපට කටයුතු කරන්න සිද්ධ වෙන්නෙ.