2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ

Government Employee Businessman
By Aruna Feb 15, 2025 02:39 AM GMT
Aruna

Aruna

Report

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම ලබන සඳුදා පෙරවරු 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

බැංකු ණය ප්‍රශ්නයක් වෙයි..වාහන ආනයනය නවතී?..

බැංකු ණය ප්‍රශ්නයක් වෙයි..වාහන ආනයනය නවතී?..


අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය ලබන 18 වනදා සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය ලබන 18 සිට දින 7ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ලබන 25 වනදා පස්වරු 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද දිවයින පුරා වෙනස්ම කාලගුණයක්..ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්..

අද දිවයින පුරා වෙනස්ම කාලගුණයක්..ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්..


විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනවා.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වෙනවා.

එමෙන්ම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම පස්වරු 6.00 සිට පස්වරු 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

You May Like This Video


ReeCha