ලබන සතියේ මුලු රටම වෙනුවෙන් කරන්න යන දෙයක් ගැන ඉඟියක්..

Report

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සංවර්ධන අයවැයක් නොව ජනතාව සංවර්ධනය කරන අයවැයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

එම අයවැය හරහා මන්දපෝෂණයෙන් පෙලෙන ජනතාවටද සහනයක් සලසන බවයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.

රට ගොඩනැගිය හැක්කේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ.

ගාල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now