ගිනි ගන්නා නැවෙන් පාවී ආ භාණ්ඩ ගෙන ගිය අය සොයා විමර්ශන
ගිනි ගනිමින් පවතින “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
මීගමුව, කොච්චිකඩේ, පමුණුගමුව, දුන්ගල්පිටිය පොලිස් වසම් ආශ්‍රිත වෙරළ තීරයට ජනතාව රැස්වී එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන ද මේ වනවිට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. නිරෝධායන රීති කඩ කිරීම සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීමට නියමිතයි.
වනවිට නෞකාවෙන් පාවී ආ සුන්බුන් එකතු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු සහ ලොරි 01 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෞකාවෙන් මුහුදට වැටෙන කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවයක් ඇති දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි මේ වනවිට විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ද ක්‍රියාවට නංවා තිබෙනවා.
එමෙන්ම වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහි ද නාවික හමුදාව මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.
විවිධ රසායනික සංයෝග අඩංගු විය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |