ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ටිල්වින් අතර හමුවක්

Report

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්‍රෲ පැට්‍රික් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ (ජේවීපී) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවීමක් බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි ජේවීපී මූලස්ථානයේදී අද (14) පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජීය තත්ත්වයන්, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවයන් පිළිබඳව සාකච්ඡාවට එළඹුණු බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී ශ්‍රී ලංකාව සඳහා එහි අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කළේය.

සුවසැරියට ලෝකේ තියෙන නවීනතම තාක්ෂණය - සුවසැරියට ආයෙත් වැඩ දාන්න යන නලින්ද

සුවසැරියට ලෝකේ තියෙන නවීනතම තාක්ෂණය - සුවසැරියට ආයෙත් වැඩ දාන්න යන නලින්ද

මීට අමතරව, නොවැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ටිල්වින් සිල්වා මහතාගේ එක්සත් රාජධානියේ නිල සංචාරය පිළිබඳව ද සාකච්ඡා වූ බව වාර්තා වේ. මෙම සංචාරයේදී දේශපාලන හා ආර්ථික ගැටලුන් ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

හමුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ පළමු ලේකම් ටොම් සෝපර් මහතා සහ දේශපාලන උපදේශක ඉන්සාෆ් මාකර් මහතා එක්ව සිටියහ. ජේවීපී වෙනුවෙන් නීතිඥ මධු කල්පනා මහතා සහභාගී වූ බව සඳහන් වේ.

මෙම හමුව ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයන් තුළ ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ එක් පියවරක් ලෙස සැලකෙන අතර, ජේවීපීයේ වත්මන් සමාජ-දේශපාලන වෙනස්කම් ප්‍රචාරයන්ට බ්‍රිතාන්‍යයේ උනන්දුව පිළිබිඹු වේ.