BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති නම් ආයෙත් බද්දක් - ට්‍රම්ප්

By Hashini Jul 07, 2025 05:12 AM GMT
Report

 BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට අමතර 10% ක තීරුබදුවක් අය කෙරෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ සිය X ගිණුමෙහි සටහනක් තබමින්.

මෙම ප්‍රතිපත්තියට ව්‍යතිරේකයක් නොමැති බවයි ජනපතිවරයා පවසා සිටියේ.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

 

සංවර්ධනය වෙමින් පවතින රටවල BRICS කණ්ඩායම බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි සමුළුවක් සඳහා රැස්ව සිටින අතරතුර ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත්කරනු ලැබුවා.

BRICS කණ්ඩායමට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව සහ ඉරානය ඇතුළත්.

අද පැය 12ක ජල කප්පාදුවක් - මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන්

අද පැය 12ක ජල කප්පාදුවක් - මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන්

"ගෝලීය දකුණේ රටවල් සඳහා සහ වඩාත් විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධීකරණය සඳහා දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණ සංසදයක්" ලෙසයි මෙම කණ්ඩායම තමන්ව විස්තර කරන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පින් අගමැති ලී ක්වාන්ග් ඔහු වෙනුවෙන් රැස්වීමට යැවූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මාර්ගගතව සහභාගී වුනා. 

සියලු දේශපාලන නායකයින්ට ලේකම් වූ මිනිසාගේ නික්මයාම

සියලු දේශපාලන නායකයින්ට ලේකම් වූ මිනිසාගේ නික්මයාම