හිටපු DIG රොහාන් අත්අඩංගුවට ගන්නවද? නැද්ද?අල්ලස් කොමිසම තීරණය දෙයි
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අනුව තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා රොහාන් ප්‍රේමරත්න මහතා විසින් ඇප පෙත්සමක් ඉදිරිපත් කෙරු අතර එය සලකා බැලීමට අද (22) තීරණය කෙරුණි.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව අල්ලස් කොමිසම අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා පෙත්සම්කාර ප්‍රේමරත්න මහතාගේ නීතිඥවරයාට දැනුම් දුන්නේ, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙසය.