බ්‍රයන් තෝමස්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්.

CID - Sri Lanka Police Supreme Court of Sri Lanka
By Wayomi Dec 17, 2022 06:36 AM GMT
Wayomi

Wayomi

Report

ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කළා.

ඒ, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බොරැල්ල පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෝටර් රථයක් තුළ දෑත් සහ ගෙල සිරකර සිටියදි සොයාගත්, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ සිහිසුන්ව සිටියදි ඔහුව සොයාගත්තේ පෙරේදා (15) පස්වරුවේදියි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දි ඇති අතර මේ වන විට බොරැල්ල සුසාන භූමියේ සේවකයින් ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW