පාන් ගැන අපි නොදන්න පැත්ත

bread sinhalanews srilankanews breadpriceinsrilanka breaking news
By Gagana Nov 30, 2021 10:30 AM GMT
Gagana

Gagana

Report

පාන්පිටි කිලෝ 50 මුට්ටයකින් ග්‍රෑම් 450 පාන්ගෙඩි 172 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව බේකරි හිමියෙක් පැවසීය.

කිලෝ 50 පාන්පිටි මුට්ටයක් රුපියල් 5900 කට ආසන්න මුදලකට ලැබෙන බව කී එම බේකරිහිමියා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි ග්‍රෑම් 550ක් මෝලි තැබීමට ගන්නා බවද සඳහන් කළේය.

පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට පිටි සදහා වියදම රුපියල් තිස් පහකට ආසන්න වන බවත් ඊස්ට්, මාගරින්, ගෑස් සහ සේවක වැටුප් ඇතුළු සෙසු පිරිවැය ඇතුළත් කිරීමෙන් පසු ග්‍රෑම් 450 පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට රුපියල් 50 කට ආසන්න මුදලක් වැයවන බව එම බේකරිහිමියා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් වර්තමානයේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 80 ක් වන අතර රෝස්පාන්, බනිස්, මාලු පාන්, ජෑම්පාන් ආදී සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 25 ත් 45 ත් අතර පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now