බොරිස් ජොන්සන් ඉල්ලා අස් වෙයි..

By krishani Jun 10, 2023 07:24 AM GMT
Report

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත.

තමන් ඊයේ(09) සිට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු කියා සිටි අතර ඔහුට චෝදනා එල්ල වූයේ කොරෝනා වසංගතය පැවති සමයේ බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් ද පැවැත්විණ.

කෙසේවෙතත් ඔහු සඳහන් කළේ, මෙම පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ බවට ලිපියක් ලැබුණු බවත් එම ලිපිය ගැන තමා පුදුමයට පත්වන බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join