හෙට සිට බූස්ටර් එන්නත් මාත්‍රාව ඇරබේ..මුලින්ම ලැබෙන පළාත් මෙන්න..

COVID19 VACCINATION BOOSTER VACCINE HEMANTH HERATH
By Sewvandhi Nov 16, 2021 02:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

3 වැනි මාත්‍රාව හෝ බූස්ටර් මාත්‍රාව හෙට (17) සිට බස්නාහිර, දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල අවුරුදු 60ට වැඩි අයට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

එමෙන්ම ,ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම් තව දින 10කින් කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් ඇතිවීමේ අවදානමක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්  (15) පැවැති අතර ඊට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

"නව රැල්ලක ආරම්භයක් කියලා කියන්න බැහැ. නමුත් ඒක වෙන්න බැරි කමක් නැහැ කියලා අපිට ඕනෑම මොහොතක කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි. මේ මොහොතේ අපි දකින මේ රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම.දින කිහිපයකට අපේ හැසිරීම් රටාවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආකාරයට රෝගීන් වාර්තා වෙන්නේ. වාර්තාවෙන රෝගීන් සංඛ්‍යාව සෑමවිටම අපේ හැසීරීම් රටාවේ ප්‍රතිඵලයක් හැටියට තීරණය වෙන්නේ, තවත් දවස් කිහිපයකට පස්සේ, එහෙම නැත්නම් තවත් දවස් 10කට 15කට පස්සේ.

ඒ නිසා අපිට මේ මොහොතේ වැඩිවෙනදේත්, ඒ වාගේම ඉදිරිය ගැනත් කතා කළහොත් අපිට මේ අපේ රෝගීන් මතුවන අද දිනයේ හෝ හෙට දිනයේ රෝගීන් හමුවීම දැන් පාලනය කරන්න බැහැ. ඒ මොකද මීට කලින් වුණ දේවල් නිසා. නමුත් අපි අද හිතා ගතහොත් ඉදිරි දින 10 තුළ, තව දින 10කින් 15කින් රෝගීන් වාර්තා වීම අපට වළක්වන්න පුළුවන්.

ඒ සඳහා අප කළයුතු එකම දේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ආරක්ෂා කර ගනිමින් සෑම කටයුතුත්තක්ම කරන්න. නිසිලෙස මුඛ ආවරණ පළඳමින් සෞඛ්‍ය පුරුදු, පිළිවෙත් පිළිපදිමින් කටයුතු කරන්න. එසේ නොකළහොත් තවත් දින 10කින් මීට වඩා රෝගීන් සංඛ්‍යාවක් අපට දකින්න ඉඩ තියෙවි."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW