අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරේ උණුසුම් වේ පොලිසියට තුවාල
බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා වේ.
බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිරමැදිරිවලට මාරු කිරීමට යාමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබේ.
එලෙස මාරුකිරීම්වලට රැදවියන් විරෝධය පළ කර ඇති අතර එහිදී රැදවියන් විසින් සිදුකළ පහරදීමේදී බන්ධනාගාර අධිකාරිවරයෙකුට මෙසේ තුවාල සිදුව ඇත. බන්ධනාගාර අධිකාරිවරයාගේ නාසයට තුවාල සිදුව ඇති අතර මේ වන විට තත්ත්වය සමතයකට පත් කර ඇති බව වාර්තා වේ.