බූස්ස බන්ධනාගාරේ කලබලේ අවසන් - පොලීසිය කියයි
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා වාර්තා කර ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට පාලනය කර ඇති බවයි.
රැඳවියන් පිරිසක් අද (16) බූස්ස බන්ධනාගාරයේ 'D' අංශයේ වහලය මතට නැගී එහි පරිපාලනයට විරුද්ධව විරෝධතාවක නිරත වූ අතර එහිදී ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් දේපොළවලටද හානි සිදුකර ඇත.