මෙවර සිංහල අලුත් අවුරුද්දට සීනි කම්හල් සේවකයින්ට සහ ගොවීන්ට කෝටි ගණනක බෝනස්.
අලුත් අවුරුද්ද වෙනුවෙන් සේවකයින්ට සහ උක් ගස් සපයන ගොවීන්ට දිරි දීමනා ලබාදෙන බව ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් පවසනවා.
ඒ, 2022 වර්ෂයේදී පැල්වත්ත සහ සෙවනගල ආයතන ලාබ ලැබීම හේතුවෙන්.
මේ අනුව පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් සඳහා දිරිදීමනා ලෙස රුපියල් දහනවකෝටි අනූලක්ෂ තිස්පන්දහසක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගොවීන් සඳහා රුපියල් කෝටි පහක් වෙන් කර ඇති බව ද සඳහන්.
එලෙස සෙවනගල සීනි සමාගමේ සේවකයන්ට දිරි දීමනා ලෙස රුපියල් දසකෝටි හතළිස්පන්ලක්ෂයක් සහ ගොවීන් සඳහා රුපියල් කෝටි තුනක්ද ලබා දීමට නියමිත බවයි ආරංචි මාර්ග පවාස්න්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |
