බැඳුම්කර හොරුන්ට වැඩ වරදී - අලුත් ආණ්ඩුව වැඩ පටන් ගයි..

Central Bank of Sri Lanka Vijitha Herath Sri Lanka Cabinet Latest Headlines AKD
By Sewvandhi Oct 01, 2024 06:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට අද (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමින්, ඔහු මේ බව සඳහන් කළා.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා, "දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දැන් ජනාධිපති නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තිබෙනවා. අපි ඉස්සරහට බලමු එහි ක්‍රියාමාර්ග."

ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුද වූ ප්‍රබලයෙකුගේ පුතෙකුගේ ගේම් එකක් මාට්ටු.. සියලු හඩපටත් සහිතයි..වීඩියෝව මෙන්න (VIDEO)

ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුද වූ ප්‍රබලයෙකුගේ පුතෙකුගේ ගේම් එකක් මාට්ටු.. සියලු හඩපටත් සහිතයි..වීඩියෝව මෙන්න (VIDEO)

මේ අතර, අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශ වෙත අක්මුදල් නිදහස් කිරීමේදී එවැනි වියදම් වල ප්‍රමුඛතාව මත පදනම්ව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට 2023-02-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.