ප්‍රධාන ආගමික ස්ථානයකින් බෝම්බයක් හමුවෙයි.
Police
Bomb
Bellanvila temple
By Aruna
බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට එම අත්බෝම්බය හමුවී ඇති බවයි.
එම අත්බෝම්බයේ කොටස්වල මළ බැඳී තිබුණු බවත් එය මීට කලකට පෙර එම ස්ථානයට දමන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.
කෙසේ වෙතත්, එය තවමත් ජීව තත්ත්වයේ පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යම් පුද්ගලයෙකු එය විහාර භූමියට පිටත සිට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |