පාසල් බස් රථයකට බෝම්බ ප්‍රහාරයක්
Pakistan
School Children
Sinhala news
By Hashan
පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්ඹ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අදාළ අනතුර පාකිස්තානයේ බලෝචිස්තාන් පළාතේ සිදු වී ඇති බවයි වාර්තා වී ඇත්තේ. අදාළ බෝම්බ ප්‍රහාරය නිසා පාසල් ළමුන් සිව්දෙනෙකු පමණ මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම බස් රථයට බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ, හමුදාව විසින් පවත්වාගෙන යන පාසලකට ළමුන් ප්‍රවාහනය කරමින් සිටින අතරතුරදී ය.
ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් මේ වනතෙක් භාරගෙන නොමැත.
කෙසේ වෙතත් බලුකිස්තාන් විමුක්ති හමුදාව විසින් මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇති බවට සැක පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා
