ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කරයි.

Sri Lanka Political Raja edirisooriya Boi
By Aruna Dec 14, 2021 07:30 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් ව පත්කර තිබේ. ඒ අනුව එම තනතුර සඳහා රාජා එදිරිසූරිය මහතාව පත්කර ඇති බව වාර්තා විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම ධුරවලින් මීට සති දෙකකට පමණ පෙර ඉල්ලා අස්විය.

දෙසැම්බර් මස පළමු වනදා අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉල්ලා අස්වූ අතර ඒ සමගම සභාපතිවරයාගේ තනතුරද අහෝසි වී ගියේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සිව් දෙනෙකුගෙන් යුත් එම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරුණි.

ඒ අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බවට වන ලිපි පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම සභාපතිවරයාද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර එය භාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේදී යළිත් වරක් තමා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා ද ජනාධිපතිවරයා වෙත දැනුම් දුනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now