මෙරට ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයෙක් රිමාන්ඩ්..
තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට බන්ධනාගාරය තුළ භාවිත කිරීමට තහනම් උපකරණ ලබා දුන් බවට චෝදනා එල්ල වූ බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලබන දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඉකුත් 29 වන දින බෝගම්බර බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි කාන්තා අංශයේ රැදවියෙකු හට ජංගම දුරකතන ආරෝපණ උපකරණයක් හා ජංගම දුරකතන බැටරී 02ක් ලබා දෙන අවස්ථාවේ බන්ධනාගාර නිළධාරින් අදාල විසින් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා.
පසුව ඔහුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මේ ආකාරයට මීට පෙර අවස්ථාවලදීත් ජංගම දුරකතන හා උපාංග කාන්තා රැදවියන්ට මුදලට විකිණු බව පිළිගෙන තිබෙනවා. අනතුරුව සිදුවිම සම්බන්ධයෙන් ඉදිරී නිතීමට කටයුතු සදහා ප්‍රධාන වෛද්‍යවරයා පල්ලේකැලේ පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.
ඒ් අනුව නඩු අංක බී1563/21 යටතේ 2021-10-30 වන දින සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉදිරි විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මොහු නැවත 2021.11.12 වන දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර, එතෙක් සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ රදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී (පාලන) චන්දන ඒකනායක සඳහන් කලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |