කපා කොටා ඝාතනය කළ තරුණයෙකුගේ මළසිරුරක් සොයා ගනී

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Law and Order Murder
By Kaushi May 02, 2025 01:33 PM GMT
Kaushi

Kaushi

Report

ගල්කිස්ස පොලිස් වසමට අයත් හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ තිබියදී කපා කොටා ඝාතනය කරන ලද පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 23ක මහින්දාරාම පාර, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළා.

කටුනායකදී කාන්තාවකට වැඩ වරදී - පොලිස් විමර්ශන ඇරඹේ..

කටුනායකදී කාන්තාවකට වැඩ වරදී - පොලිස් විමර්ශන ඇරඹේ..

පසුගිය 30 වන දින ඔහු රාත්‍රියේ නිවසින් පිට වූ පසු නැවත නිවසට නොපැමිණීම නිසා ඔහුගේ සහෝදරයෙකු විසින් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විටත් ඝාතනය සිදු කළ සැකකරුවන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

හිරේ ඉන්න පිල්ලෙයාන්ට රනිල් කෝල් ගත්ත හේතුව මෙන්න!

හිරේ ඉන්න පිල්ලෙයාන්ට රනිල් කෝල් ගත්ත හේතුව මෙන්න!

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ReeCha