සිව් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු..

Sri Lanka Police Sri Lanka Accident Death
By Piyumika Jul 23, 2024 06:18 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (22) දින අනතුරු සිදුව තිබුණේ, තිරප්පනේ, වේයන්ගොඩ, අහුංගල්ල සහ මාතලේ යන පොලිස් වසම්වලය.

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට ජනපති අවසර..

සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට ජනපති අවසර..

ඒ-09 ප්‍රධාන මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී වාහනයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වූ අතර එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ කැදෑව, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

රිය අනතුර සිදුකර පළාගිය වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

දස හැවිරිදි දියණිය කෙලෙසූ නරුම පියා අත්අඩංගුවට..

දස හැවිරිදි දියණිය කෙලෙසූ නරුම පියා අත්අඩංගුවට..

මේ අතර වේයන්ගොඩ, නයිවල - උඩුගම්පොළ මාර්ගයේ බංගලාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සුනඛයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවලා ලැබූ යතරුපැදිකරු 58 හැවිරිදි ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

මේ අතර ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අහුංගල්ල නැලිකන්දට හැරෙන හන්දිය අසලදී බස් රථයක් ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

එමෙන්ම ඕවිලිකන්ද - මාතලේ මාර්ගයේ වැලිහින්න 06 කණුව ප්‍රදේශයේදී බස් රථයකට යටවී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

මාතලේ දෙස සිට හල්ගොල්ල දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුම්පොළක මගීන් බස්සවා නැවත ඉදිරියට ධාවනය කර ඇති අතර එම බස් රථයේ ගමන්කළ මගී කාන්තාවක් බස් රථයේ ඉදිරි දොරෙන් බැස බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමේදී ඉදිරියට ධාවනය වූ බස් රථයේ ගැටී එම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, ඕවිලිකන්ද, මතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවකි.

ReeCha