වෙරළේ මුනින් අතට තියලා ඔලුව වැලි අස්සේ ගහලා විකෘති මරණයක් හමුවෙලා

Report

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයෙන් සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවේ.

මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාස කරමින් සිටි පියෙක් සහ දියණියක් විසින් මෙම සිරුර දැක 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

වහාම කළුතර දකුණ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කල අතර එහිදී අනාවරණය වී ඇත්තේ, මුහුදු වෙරළේ මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවකි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 55 - 60 අතර වන අතර මෙතෙක් ඔහු කවුදැයි අනන්‍යතාව හදුනාගෙන නොමැත.

මියගිය පුද්ගලයා බඳපටියක් සමග කළු දිග කලිසමක් සහ සුදු මේස් බැනියමක් හැද සිටි අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබද විමර්ශනය කරයි.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග