පවුම් 38 ක රන් තැටියෙන් පසු කතරගම දේවාලයේ කෝටි 5ක මැණිකකුත් අතුරුදන්!

srilanka security Blue jem
By Sithumi Nov 09, 2021 12:52 PM GMT
Sithumi

Sithumi

Report

කතරගම දේවාලයට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් ද අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බරුති රන් තැටියක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අංගොඩ ලොක්කාගේ බිරිද වන අගම්පොඩිගේ නිසසංලා නැමැත්තියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ ප්‍රකාශයක් ලබාගෙන ඇත.

අංගොඩ ලොක්කගේ පුතාගේ අපල දුරුවීම සඳහා එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර ඇත්තේ 2019 වසරේ ජූලි මස 03 වනදා බවට තොරතුරු අනාවරණය වි තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha