හදිසි පිපිරීමක් නිසා ධීවර ජනතාවට විශේෂ දැනුම් දීමක්..(VIDEO)
Colombo haber
Ship blars
Fishing ministry
By Aruna
දැනට ලැබී ඇති තොරතුරු අනුව කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ අද උදෑසන සිදු වූ පිපිරීමත් සමඟ යම් බහාලුම් ( containers ) ප්‍රමාණයක් මුහුදට වැටී ඇත.
එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක epoxy resin නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව දැනුම් දී ඇත.
එම රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.
ඒ හේතුවෙන් යම් හෙයකින් පාවෙමින් තිබෙන බහාලුමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සුළු පන්න ධීවර කාර්මිකයින්ට සහ වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්ව සිටින සියලුම ධීවර ජනතාවට දැනුම් දී සිටියි.
තවද එවැනි බහාලුමක් දුටුවහොත් ළඟම තිබෙන පොලිසිය හෝ අප ධීවර කාර්යාලය දැනුවත් කරන ලෙස ඔවුන් හට දැනුම් දී ඇත.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
