හමුදා සෙබළකු ජීවිතක්ෂයට පත් කළ මාරක රිය අනතුර

army Sri lanka Accsident Rabawa Bike accsident
By Sithumi Jul 22, 2021 11:59 AM GMT
Report

මැදවච්චිය ඒ - 9 මාර්ගයේ කිලෝමීටර 150 කණුව ආසන්නයේ සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තිබේ. 

 අදාළ මාර්ගයේ රඹෑව දෙසට ගමන් ධාවනය කළ යතුරු පැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු මැදවච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. මි‍යගොස් ඇත්තේ 33 හැවිරිදි වව්නියාව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙකු වන අතර ඔහු මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසීය පැවසුවේය.