ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් උඩ යයි - ලොකු ළූණු මිල ගිණි ගණන් නගී
පසුගිය දින දෙක තුන තුළ ලොකු ළූණු කිලෝවක මිල රු. 120ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ළූණු සිල්ලර වෙළෙන්දෝ පවසති.
දින දෙකකට හෝ තුනකට පෙර ලොකු ළූණු කිලෝවකට රු. 180 සිට 200 දක්වා මිලක් පැවති අතර අද (13) මිල රු. 300 සිට 320 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පැවසූහ.
කොළඹ තොග වෙළඳපොලේ තොග මිල ඉහළ යාම මෙයට හේතුව බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
කොළඹ තොග වෙළඳපොලේ ලොකු ළූණු කිලෝවකට රු. 160ක් වූ අතර අද උදෑසන වන විට එය රු. 260ත් 270ත් අතර වූ බවත් මේ නිසා සිල්ලර මිල වැඩි කිරීමට සිදු වූ බවත් ඔවුහු පැවසූහ.