ඉතිහාසයේ පළමු වතාවට, ඩොලරයත් ඉක්මවා අහස උසටම ගිය ලොකු ලූණු - ඒ ගැන මෙරටින් ඇහෙන අලුත්ම කතාව මොකක්ද දන්නවා ද?.
මේ වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් විශාල ලෙස ඉහළ යෑමක් සිදු වී තිබෙනවා.
ඒ සඳහා විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ඉන්දියාවේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ගරු ආචාර්ය එස් ජයශංකර් මහතා අතර පැවති හමුවක දී අවධානය යොමුව ඇති බවට වාර්තා වේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙරට තුළ ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයන් රැසක් කැමැත්තෙන් සිටින බවයි.
එමෙන්ම, එයට ඔවුන් දිරිමත් කරන බව සඳහන් කර ඇති බව ඒ මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වසර තුනකින් ගෙවීම සඳහා ලබා දුන් ඉන්දියානු රුපියල් මිලියන 550ක ණය මුදල ගෙවීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබා දීම සම්බන්ධයෙන් ද කථානායකවරයා එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට ස්තූතිය පළ කර ඇත.