මාස 6ට රේගුවෙන් ලොකු පිම්මක්

Report

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බවයි.

මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවයි අද (3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ.

කහවත්තේදී පොලීසියත් එක්ක ගම්වාසින් මාර ගනියි, පාලනය කරන්න කඳුළු ගෑසුත් ගහලා

කහවත්තේදී පොලීසියත් එක්ක ගම්වාසින් මාර ගනියි, පාලනය කරන්න කඳුළු ගෑසුත් ගහලා

වැඩිදුරටත් අදහස් දැක් වූ සීවලී අරුක්ගොඩ මහතා,

"ශ්‍රී ලංකා රේගුවේ ආදායම අද වනවිට රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා. වසරේ තවම මාස 6යි ගතවෙලා තියෙන්නේ. මේ වසරේ දී රජය අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය බිලියන 2115ක් (ට්‍රිලියන 2.115). ඒ අනුව රේගුවට මේ වනවිට හිමිවෙලා තිබෙන ආදායම අනුව එම ඉලක්කය පසුකර යෑමට හැකිවෙයි කියලා අපි හිතනවා. මෙම සාර්ථකත්වයට හේතු වුණේ ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතුකර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගතකිරීම නිසා" යැයි පැවසීය.

රන් මිල දිනෙන් දින ඉහළට – නවතම ගණන් මෙන්න

රන් මිල දිනෙන් දින ඉහළට – නවතම ගණන් මෙන්න