බස් දෙකක් එකිනෙක ගැටීමෙන් අති බිහිසුණු අනතුරක් - 47ක් වහාම රෝහලට..(PHOTOS)

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Latest Headlines
By Sewvandhi Sep 05, 2024 04:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (05) රාත්‍රී 7:30ට පමණ බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ. 

බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසු පසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර තිබේ. අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.

පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් පුද්ගලික බස් රථය සේවකයින්ට බැසීම සඳහා නවතන අවස්ථාවේදී පසු පසින් පැමිණි බස් රථය එම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඡායාරූප - Accident 1st

GalleryGalleryGallery