භානුක රාජපක්ෂට අහිමි වෙන්න යන තවත් දෙයක්..?

By Sithumi Jan 08, 2022 10:56 AM GMT
Sithumi

Sithumi

Report

ඊයේ හවස රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ජාතික මට්ටමේ ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමේ දී අනුගමනය කළ යුතු නව ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. 

 ඒ අනුව ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් ඒ පිළිබඳ මාස තුනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතු වෙනවා.

එමෙන් ම එම ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරු ව වෘත්තීය මට්ටමෙන් වෙනත් රටවල වෙනත් ක්‍රිකට් ලීගයන්ට එක් වීමේ දී ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය සහිත ලිපිය නිකුත් කරනුයේ ඔහු විශ්‍රාම ගත් දින සිට මාස 6ක් ගත් වූ පසු ව බවත් ස්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මීට අමතර ව ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයෙකු දේශීය ව සවිධානය කෙරෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා එක් කරගනු ලබන්නේ, ඔහුට දේශීය පළමු පෙළ තරගවල 80%ක සහභාගිත්වයක් ඇති නම් පමණක් බවත් එම නිවේදනයේ සඳහන්.

මේ අතර, මීට දින කිහිපයකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට හදිසියේ සමුදුන් භානුක රාජපක්ෂ මේ මස 21 වැනි දා ආරම්භ වන බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලිය සඳහා කුල්නා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට නියමිත ව තිබෙනවා. කුල්නා ටයිගර්ස් කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියේ දී භානුක ව මිල දී ගත්තේ, ඇමරිකානු ඩොලර් 75000ක මුදලකට යි.

කෙසේ වෙතත් ඊයේ සම්මත කරගත් මෙම නව නීති රිති අනුව බොහෝදුරට භානුක රාජපක්ෂ හට බංගලදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන අවස්ථාව අහිමි වනු ඇති

. එමෙන්ම තවත් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලකත් ඊයේ දිනයේ දී හදිසියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බව ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now