බැසිල් රාජපක්‍ෂ අගමැති ධුරයට!!..මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉවත් වෙයි?..
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කර සිටිනවා.
වසර මුලදී ප‍්‍රධාන පෙළේ කැබිනට් සංශෝධනයක් සිදු කරනු ඇති අතර අඩුම තරමින් අමාත්‍යංශ හයක්වත් මෙසේ සංශෝධන වනු ඇති බවද එම පුවත වාර්තා කර තිබේ.
ඇතැම් රාජ්‍ය අමාත්‍යංශවලට වැඩි වගකීම පැවරෙණු ඇති අතර ඒවා යටතේ පවතින ආයතන හා විෂයයන් වෙනස් වනු ඇති බවටයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම්වරයා ඇතුළු පරිපාලන ප‍්‍රධානීන් විශාල පිරිසක්ද මේ සමග වෙනස් කිරීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කරයි.
ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු ලෙස පත් කිරීමට ද යෝජනා වී ඇතැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ තමන් අගමැති ධූරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බවයි.
මෙරට ඇති අදහස් පළ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කරමින් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රටේ ජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාල නිවේදනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
