දක්ෂ කළා කරුවෙකු දිවි ගමනට සමු දේ..

By Piyumika Nov 12, 2024 09:40 AM GMT
Report

ප්‍රවීණ බෙංගාලි සිනමා නළු මනෝජ් මිත්‍රා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 85 කි.

මනෝජ් මිත්‍රා අතිශය ජනප්‍රිය වූයේ සිනමා අධ්‍යක්ෂක තපන් සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද බන්චරාමර් බගන් සහ සත්‍යජිත් රායිගේ සම්භාව්‍ය සරේ බයිරේ, ගණශාරු වැනි සිනමා පටවලට රංගනයෙන් දායකත්වය ලබා දීම හේතුවෙන්.

කව්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පත් කල නව උපදේශක පුහුණුකරු..

කව්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පත් කල නව උපදේශක පුහුණුකරු..

අඟහරුවාදා පෙරවරු 8.50 ට පමණ මනෝජ් මිත්‍රා මියගිය බව රෝහලේ වෛද්‍යවරයකු තහවුරුකර සිටියා.

"නොවැම්බර් 3 වැනිදා ඔහු විවිධ සෞඛ්‍ය ගැටලු සමඟ රෝහලට ඇතුළත් කර ඇති අතර කාලයත් සමඟ ඔහුගේ තත්වය නරක අතට හැරී තිබුණු බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ.

සිගිත්තන් දෙදෙනාවත් කැටුව ඡන්ද නිවාඩුවට ගෙදර යන්නයි ගියේ..ඒත් අවසානේ අත් වූ අවාසනාවන්ත ඉරණම..

සිගිත්තන් දෙදෙනාවත් කැටුව ඡන්ද නිවාඩුවට ගෙදර යන්නයි ගියේ..ඒත් අවසානේ අත් වූ අවාසනාවන්ත ඉරණම..

මනෝජ් මිත්‍රා ජනප්‍රිය අධ්‍යක්ෂක සත්‍යජිත් රායිගේ Ghare Baire සහ Ganashatru චිත්‍රපටවල ද පෙනී සිටියා.

සත්‍යජිත් රායි සමඟ ඔහුගේ වැඩවලට අමතරව, මනෝජ් මිත්‍රා බුද්ධදේබ් දාස්ගුප්තා, බාසු චැටර්ජි, තරුන් මජුම්දාර්, ශක්ති සමන්ත සහ ගෞතම් ඝෝස් වැනි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල ද දැකගත හැකි වුණා.

Gallery