චීනයේ බෙයිජිංහි මුල්ම ශ්‍රී ලාංකික අවන්හල විවෘත කෙරේ

Report

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සියලු සාම්ප්‍රදායික ආහාර පානාදිය සමඟින් ශ්‍රී ලාංකික අවන්හලක් චීනයේ බෙයිජිං හිදි පසුගියදා විවෘත කෙරිණි.

මෙහි විශේෂත්වය වන්නෙ චීනයේ විවෘත කළ මුල්ම ශ්‍රී ලාංකික අවන්හල වීමයි .

මෙම අවන්හල නම්කර ඇත්තේ ‘සින්නාරා’ ලෙසිනි.

චීනයේ බෙයිජිංහි මුල්ම ශ්‍රී ලාංකික අවන්හල විවෘත කෙරේ | Beijing Gets 1St Sri Lankan Restaurant

එවගේම එහි හිමිකාරීත්වය දරන්නේ චීනයේ පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන චිරන්ජය උඩුමුල්ලගේ මහතායි.

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා ඇතුලු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අවන්හල විවෘත කරන ලදි.

චීනයේ බෙයිජිංහි මුල්ම ශ්‍රී ලාංකික අවන්හල විවෘත කෙරේ | Beijing Gets 1St Sri Lankan Restaurant

ශ්‍රී ලාංකේය සංස්කෘතියට ආවේණික වූ ආහාර රසයන් සහ විවිධ ආහාර වර්ග චීන ජාතිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම අවන්හල ආරම්භ කර ඇත.

මෙම අපූරු අවන්හල බෙයිජිං නගර මධ්‍යයේ Chaowai මාවතේ පිහිටි සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලක පිහිටා තිබේ.

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකාවට

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂ නායිකාවට

එමගින් ශ්‍රී ලංකාවේ පොහොසත් උරුමය සහ විචිත්‍රවත් ආහාර පිසීම සම්බන්ධ අමතක නොවන සූපශාස්ත්‍ර අත්දැකීමක් ලබා දෙයි.