තිරය පිටිපස ඉඳන් උපායශීලීව කොළඹ බලේ ගන්න වැඩ.. - රවි
තිරය පිටිපස ඉඳන් උපායශීලීව කොළඹ බලේ ගන්න වැඩ කරන්න ඕනෑ යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
“සමහරු සද්ද කරමින් ගොස් අන්තිමේ අසාර්ථක වෙනවා. නිවැරදි මොහොතේ පොදු පක්ෂයක් ලෙස එක්වී, කොළඹ ජනතාවගෙන් ලැබුණු ප්‍රතිඵලයට අනුව, පොදු විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතුයි.
මෙවැනි මන්ත්‍රී ගණනක් රටට බරක්. වැරදි ක්‍රමයකින් රට ඉදිරියට ගෙන යා නොහැකියි. සුරංගනා කතා නොකියා, රට ඉදිරියට ගෙන යා හැකි ආකාරය ගැන සැලසුම් කළ යුතුයි. IMF උපදෙස් අනුව කටයුතු කිරීම අවශ්‍ය නැහැ. අපට ගැලපෙන ආකාරයට වැඩ කර පෙන්වුවාම ඇති.
ලුණු ආනයනය කිරීමට අවශ්‍ය නැහැ. ලුණු සඳහා ස්ථාවර මිලක් නියම කළ හැකියි. වාහන ආනයනයට වඩා ජනතාව ආරක්ෂා කිරීම වැදගත්. ජනතාවගේ නිවාස ගැටලුව ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නිවාස ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුවත් එය පිළිගත්තා.
දැන් පොලී අනුපාතය ඉහළ ගිහින්. බිලියන 3000ක ණයක් මෙවැනි ඉහළ පොලී අනුපාතයකින් ගෙවීම අපහසුයි. අඩු පොලී අනුපාතයකින් රට ගෙන යා යුතුයි. පකිස්තානයට ණය දිය හැකි නම්, අපේ රටේ ආයෝජන වැඩි කිරීමට උපකාර නොකරන්නේ ඇයි? දැනට රටවල් 17ක් සමඟ බදු ගිවිසුම් අඩු කර ගෙන තිබෙනවා. ඇමරිකාව සමඟත් අපි සාකච්ඡා කළ යුතුයි. අපනයන ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමයි,” යනුවෙන් ඔහු පැවසීය.
