මනාළ යුවළත් සමගම පස් දෙනෙකු අවසන් ගමන් ගිය බිහිසුණු අනතුර..
By Sewvandhi
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, චතිශ්ගර් ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බවයි.
එනම්, මනාල යුවළක් ගමන් කළ මෝටර් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදු වන අවස්ථාවේ මනාල යුවළ සහ ඔවුන්ගේ ඥාතීන් තිදෙනෙකු මෝටර් රථයේ සිට ඇති අතර, අනතුරින් ඔවුන් පස් දෙනාම ජිවිතක්ෂයට පත් ව ඇත.
විවාහ මංගල උත්සවය අවසන් ව යමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක් ව ඇති බව වාර්තා වේ.