බටලන්ද වාර්තාව නීතිපතිට

Report

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.

1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී බටලන්ද රැඳවුම් මධ්‍යස්ථානයේ සිදු වූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අනෙකුත් ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සඳහා බටලන්ද කොමිසම පත් කර තිබෙනවා.

කැබිනට් හමුවටත් සීමා...වැඩිය හරස් ප්‍රශ්න අහන්නත් බෑ...

කැබිනට් හමුවටත් සීමා...වැඩිය හරස් ප්‍රශ්න අහන්නත් බෑ...