බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

Parliament of Sri Lanka Ranil Wickremesinghe Government Of Sri Lanka Law and Order Batalanda commission Report
By Shehan 16 hours ago
Shehan

Shehan

Report

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනිදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා සඳහන් කළේ, විවාදය අදියර දෙකක් යටතේ පැවැත්වෙන බවයි.

අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා වූ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.

පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි.

අනතුරුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, මේ සඳහා දෙදින විවාදයක් ලෙස මැයි මස තවත් දිනයක් වෙන් කිරීමටත් මෙහිදී තීරණය වී ඇත.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව ඉදිරිපත් කළ අතර, ඔහු පැවසුවේ මෙම වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් මෙම වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ අනුව එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවත් අමාත්‍ය බිමල් රත්මනායක මහතා එහිදී සඳහන් කළේය.

තවද, මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා උපදෙස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය වී ඇත.

ReeCha