බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව දී කිරට බළලුත් සාක්ෂි

Batticaloa Hindu College Ranil Wickremesinghe Sinhala news
By Mithu Apr 13, 2025 03:46 AM GMT
Mithu

Mithu

Report

 සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නගා ඇති චෝදනාව වන්නේ බට ලන්දේ නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම පමණක් බවද විජයවර්ධන මහතා කීය.

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය. බට ලන්ද වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනාවක් තිබේ නම් ඒ තිබෙන්නේ එහි නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම සම්බන්ධයෙන් පමණයි. එකල භීෂණ සමයේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති ඝාතනය කළා.එවැනි තවත් ඝාතන සිද්ධි රැසක් වාර්තා වී තිබුණා.

එවැනි වකවානුවක තමයි රනිල් බියගම සංවිධායක ලෙසත් ඇමතිවරයෙක් ලෙසත් එම ප්‍රදේශයට ආරක්ෂාව දීමට සහ විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය නිසා බටලන්දේ හමුදා කඳවුරක් ස්ථාපිත කරනු ලැබුවේ. එතනට හමුදාවෙන් ගෙනාවේ තර්ජනයට මුහුණ දීමට පමණයි.

ලොව වයස්ගතම ගෝරිල්ලා "ෆටූ"ට හෙට දිනට 68යි

ලොව වයස්ගතම ගෝරිල්ලා "ෆටූ"ට හෙට දිනට 68යි

ඒ හැර කොමිසමෙන් එතුමාට කිසිම චෝදනාවක් නැහැ යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.

ReeCha