ලොව වයස්ගතම ගෝරිල්ලා "ෆටූ"ට හෙට දිනට 68යි

By Zara Apr 12, 2025 06:15 PM GMT
Report

ජර්මනියේ බර්ලින් සත්වෝද්‍යානයේ සිටින 'ෆටූ' නම් ගෝරිල්ලා හෙට (13) සිය 68වන ජන්ම දිනය සැමරීමට නියමිතව තිබෙනවා.

ගැහැණු සත්ත්වයෙකු වන 'ෆටූ' සැලකෙන්නේ සත්වෝද්‍යානය ජීවත්වන ලොව වයස්ගතම ගෝරිල්ලා ලෙසය.

1957 වසරේදී උපත ලැබූ බවට සැලකෙන ෆටූ 1959 වසරේදී සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබෙනවා.

ෆටූගේ උපන් දිනය වෙනුවෙන් සත්වෝද්‍යාන බලධාරීන් ඊයේ (11) පලතුරු සහ එළවළු කූඩයක් ප්‍රදානය කර තිබෙනවා.

සත්වෝද්‍යාන පශූ වෛද්‍යවරුන් පවසන්නේ ෆටූ තවමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

කෙසේ නමුත් ඇය සිය වයස්ගතභාවය වෙනුවෙන් වැලදෙන මාංශ පේශී රුදාව ඇතුළු රෝගී තත්ත්වය කිහිපයකින් පීඩා විඳින බව වාර්තා වේ.

එමෙන්ම ෆටූට දත් නොමැති බැවින් ඇගේ ආහාර මෘදු හා කෑමට පහසු ලෙස සකසා දෙනු ලබයි.

ගෝරිල්ලන්ට වනයේ දී අවුරුදු 35-40ත් අතර ආයු කාලයක ජීවත් විය හැකි අතර, සත්වෝද්‍යානය තුළ ඊට වඩා වැඩි කාලයක් ජීවත්විය හැකි බව පශූ වෛද්‍යවරුන් පවසයි.  

පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනාට අත්වුණු ඉරණම

පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනාට අත්වුණු ඉරණම

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි

කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා සැඟවෙයි