ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාවලට ජනපතිගේ ප්‍රතිචාරය..
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ප්‍රකාශ කර ඇත්තේ රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා BASL යෝජනා සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීම පිළිබඳව සලකා බලන බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව අතර ඉරිදා (8) පැවති හමුවකදී මේ බව දැනුම් දුන් බව ය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයද මෙම හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
