හදිසියේම බැසිල් කියූ අයවැයෙන් නොකියවුණු කරුණ

sri lanka parliment budget Basil rajapaksha Film
By Sithumi Nov 13, 2021 12:49 PM GMT
Sithumi

Sithumi

Report

2022 අයවැය කතාවේදී නොකිය වුණු වැදගත් කරුණක් තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. 

 "අයවැය යෝජනාවේදී මට කියවන්න බැරි වුණාට අපි ඇතුළත් කරලා තිබුණු වැදගත් කරුණක් තියෙනවා. ඒ නව නිෂ්පාදන ආයෝජන කලාප. අපි හා සමාන රටවල් සීඝ්‍රයෙන් දියුණු වුණේ නව නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳපොළට යැවීම තුළින්. ඒ තුළින් රැකියාත් විදේශ විනිමයත් දෙකම උපයා ගත්තා. 

ඒ නිසා අපි හඳුනාගත් අංශ කිහිපයක නව නිෂ්පාදන ආයෝජන කලාප ඇති කරන්න. 

කාබනික පොහොර නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, ඇඟලුම් නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය, කෘෂිකාර්මික උපකරණ හා පසුසම්පත් නිෂ්පාදනය, ධීවර හා ජලජීවි නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය, ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය. ඔයාමඩුව, මිල්ලනිය, හම්බන්තොට, එරාවුර්, ඉරණවිල, කිලිනොච්චිය, මොනරාගල, ඇල්පිටිය, මත්තල, යාපනය, තමයි මේ කලාප ඇති කරන්නේ." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now