දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා තැබීමට තීරණය කරයි.
මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර්) දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා.
මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ.
මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.
එන්නත් වැඩපිළිවෙළ සහ ආර්ථික හේතුන් මත සුරාසල් විවෘත කර තැබුවත් වැඩි වර්ධනයක් පෙන්නුම් නොකරන බවත්, සාමාන්‍ය දිනක අලෙවි වන ප‍්‍රමාණයට විකිණෙන බව දක්නට තිබෙන බවත් ඒ මහතා පැවසුවා.
මේ අතර ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින (20 දා) පොහොය දින සුරාසල් වසා තැබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුවට අමතරව දෙවැනියට රජයට ආදායම් ලබා දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
