22 වැනි සංශෝධනය ගැන තීරණාත්මක දැනුවත් කිරීමකට නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් හෙට (20) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුව අමතමින් මේ බව සභාවට දැනුම් දුන්නේය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති බව ද වාර්තා වේ.