අද හදිසියේම නිවාඩුවක් අවලංගු කරයි..ඇමතිගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nikini Full Moon Poya Ranjith Siyambalapitiya People's Bank
By Aruna Aug 30, 2023 01:17 AM GMT
Aruna

Aruna

Report

අද පෝය නිවාඩුවක් වුවද සියලුම රාජ්‍ය බැංකු විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඇස්වැසුම සුබසාධන ගෙවීම සඳහා රාජ්‍ය බැංකු අද දිනයේ විවෘතව පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛා අද ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.

මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, ඇස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20 අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා පියවරෙන් පියවර ගෙවීම් ආරම්භ කර ඇති බවයි.

පළමු අදියර යටතේ මුළු රු. බිලියන 4.395ක් ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම් වෙත සාර්ථකව මාරු කර ඇත.

ReeCha