තවත් ප්‍රබල දේශපාලන චරිතයක් දිවි ගමනට සමුදෙයි
බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරිය කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට ඇය 80 වන වියේ පසුවුණි.
කලීඩා සියා පසුගිය නොවැම්බර් මස 23 වනදා රෝහල්ගත කරන ලද අතර, දෙසැම්බර් මස 11 වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් ජීවත්විය.
ඒ වෙනුවෙන් රෝහලේ වෛද්‍ය කණ්ඩායම ඇයගේ සෞඛ්‍ය තත්ත්වයවිටින් විට නිරීක්ෂණය කළ අතර, වෛද්‍ය වාර්තා අනුව ඇගේ වයස්ගත බව හා සෞඛ්‍ය ගැටළු මරණයට හේතු වී ඇත.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා සියා, එරට පළමු කාන්තා අගමැතිවරිය ලෙස ඉතිහාසගත වේ.