සිංහයින්ට සද්දෙ දැම්ම තව්හිඩ් රිඩෝයිට ලැබුණ හිතන්නවත් බැරි දඬුවම.. (PHOTOS)
By krishani
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන්වන 20-20 තරඟයේ දී බංග්ලාදේශ ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි හට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ ICC චර්යා ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ය
මීට අමතරව, මාස 24 ක කාලය තුළ සිදු වූ පළමු වරද වෙනුවෙන් තව්හිඩ් රිඩෝයිගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුණක් ද එකතු කර ඇත.

මෙම සිදුවීම බංග්ලාදේශ ඉනිමේ සිවුවැනි ඕවරයේ දී සිදු වීය.
ඔහු දැවී යාමෙන් පසු නැවත යන අතරතුර තව්හිඩ් රිඩෝයි ආපසු හැරී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ බහින්බස් වීමක් ඇති කර ගන්නා ලදී.
කෙසේ වෙතත්, තව්හිඩ් රිඩෝයි වරද පිළිගෙන ඇති බව සඳහන් වේ.