3වන වරටත් බංග්ලාදේශය 200කට අඩුවෙන් දැවී යයි.- තවමත් ලංකාවට පිටුපසින්. (VIDEO)
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
By Wayomi
දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයේ මීට සුළු මොහොතකට පෙර ලකුණු 178කට සියලුදෙනා දවා ගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්වුණා.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගනු ලැබුවා.
මෙහිදී ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 353ක් පසු පසින් සිටිනවා.
ඔවුන් මුළු ලකුණු 200කට අඩුවෙන් පිට පිට දැවී ගිය තුන්වැනි අවස්ථාව මෙයයි.
