බංග්ලාදේශයේ බස් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

Report

බංග්ලාදේශයේ රාජ්බාර් දිස්ත්‍රික්කයේ සිදුවූ බස් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇත.

මගීන් 40 දෙනෙකු පමණ එම බස් රථයේ සිට ඇති අතර විදෙස් වාර්තා සඳහන් කළේ, අසළ තිබූ පද්මා ගඟට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ වන විට අනතුරට පත් බස් රථය දොඹකරයක ආධාරයෙන් ගොඩට ගෙන ඇති අතර, බස් රථය තුළ තිබී මළ සිරුරු 14ක් සොයා ගෙන ඇත.

දරුණු අනතුරක් - බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16ක් මරුට - තවත් පුද්ගලයින් අතුරුදහන්

දරුණු අනතුරක් - බංග්ලාදේශයේ බස් රථයක් ගඟකට වැටී 16ක් මරුට - තවත් පුද්ගලයින් අතුරුදහන්